ඔක්තෝබර් 24, 2018

tamieng

    මන්දපෝෂණය තුරන් කිරීමට තිරසර වැඩපිළිවෙළක් - අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

    මැයි 16, 2018
    මන්දපෝෂණය තුරන් කිරීම සඳහා හොඳ විසඳුමක් වන්නේ, ධාන්‍ය වර්ග වැඩියෙන් භාවිතා කිරීම බවත්, ඒ සඳහා රට තුළ ධාන්‍ය නිෂ්පාදනය වැඩි කිරීමට තිරසාර වැඩපිළිවෙළක් යොදා තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කොළඹදී පැවති ගෝලීය මාංෂභෝග සම්මේලනයේ සමාරම්භක සමුළුව අමතමිනි.
     
    ශ්‍රී ලංකාවේ ප්‍රෝටීන ලබා ගන්නා ප්‍රධානත ම මාංෂභෝගය වන්නේ ධාන්‍ය වර්ග බවත්, එයිනුත් ප්‍රධාන වන්නේ රතු පරිප්පු බවත්, ඒ වගේම මාංෂභෝග ඇතුළු ධාන්‍ය අධි පෝෂණීය වටිනාකමකින් යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
     
    Pulses 18 Colombo ගෝලීය මාංෂභෝග (ධාන්‍ය ඇතුළු) ජාත්‍යන්තර සමුළුවේ මෙවර තේමාව වුයේ " මාංෂභෝග - 18 ආහාරයේ අනාගතය "(Pulses - 18 the Future of Food)  යන්නයි. 
     
    මෙම සමුළුව සඳහා රටවල් 40 ක පමණ ව්‍යාපාරික ප්‍රජාවක් සහභාගී වූහ. මෙය ගෝලීය මාංශභෝග සන්ධාන සම්මේලනය විසින් සංවිධානය කර තිබුණි. මෙය මාංෂභෝග ඇතුළු ධාන්‍ය කර්මාන්තය නියෝජනය කරන එකම ජාත්‍යන්තර සම්මේලනය වේ. එසේම එය ලොව පුරා පවතින 20 කට වැඩි ජාත්‍යන්තර සංගම්වල එකතුවකි. එසේම පුද්ගලික අංශයේ සාමාජිකයින් සහ ක්‍රියාකාරීන් 600 කට වැඩි ප්‍රමාණයක් ද මීට එකතුව සිටී.
     
    "ගෝලීය මාශභෝග සම්මේලනය ශ්‍රී ලංකාවේ පැවැත්වීම ගැන ස්තූතිවන්ත වෙනවා. එය මෙවර කොළඹදී පැවැත්වීම අපට වාසිදායක වෙනවා. එය අප රටට කළ විශාල ගෞරවයක්. අපේ වාර්ෂික මාංෂභෝග ධාන්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 1000 ක් පමණ වෙනවා. ශ්‍රී ලංකාව ප්‍රෝටීන් ලබා ගන්නා ප්‍රධානතම මාංෂභෝගය වන්නේ ධාන්‍ය වර්ගයි. එයිනුත් ප්‍රධානතම වන්නේ රතු පරිප්පුයි. අපි දේශීයව වගා කළ ධාන්‍ය පරිභෝජනය සඳහා ඈත අතීතයේ සිටම හුරුව සිටිනවා. එම නිසා අපේ රටේ රතු පරිප්පු පරිභෝජනය වසරකට මෙට්‍රක්ටොන් 150,000 ක් පමණ වෙනවා. අපේ වාර්තාවලට අනුව අපි ආනයනය කරන මාංෂභෝග ඇතුළු ආහාර ද්‍රව්‍යවලින් සියයට 7% ක්ම වන්නේ රතු පරිප්පුයි. එය අප රටේ ඉතා ජනප්‍රිය මාංශභෝග ධාන්‍ය වර්ගයක් වෙනවා. 2016 දී අපි රතු පරිප්පු මෙට්‍රික්ටොන් 154,000 ක් පමණ ආනයනය කරලා තියෙනවා. අඩු ආදායම්ලාභී රටවල්වල ප්‍රධාන ප්‍රෝටීන් ප්‍රභවය වන්නේ නිර්මාංශ මාංෂභෝග නිෂ්පාදනයි. එම නිසාම අපි මෙම මාංෂභෝග නිෂ්පාදනය වැඩි දියුණු කර ගැනීමට තිරසාර වැඩපිළිවෙළක් යෙදිය යුතු වෙනවා. ඒ සඳහා ගෝලීය මාංෂභෝග සම්මේලනයට සුවිශාල මෙහෙවරක් කළ හැකියි." යැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    "මෙම ජාත්‍යන්තර සමුළුවේදී ඇති කර ගන්නා ගිවිසුම ගෝලීය මාංෂභෝග නිෂ්පාදකයින්ගේ සමාජීය හා ආර්ථික අරමුණු ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් ළඟා කර ගැනීමට උපකාරී වෙනවා. එසේම මෙම ගෝලීය මාංෂභෝග සම්මේලනයේ සාමාජිකයන් එක්ව වැඩ කිරීම සහ අගය වැඩි දාමයේ හවුල්කරුවන් සමඟ ඉතා කැපවීමෙන් යුතුව වැඩ කරන බවත්, එමඟින් දැනුම වැඩි දියුණු කිරීම හා ලෝකය පුරා මේ මාංෂභෝග නිෂ්පාදන බෙදා හැරීමට ඇති හැකියාව පිළිබඳව දැනුවත් වෙනවා. මිනිසුන් හා සතුන් අතර ධාන්‍ය පරිභෝජනය ඉහළ දැමීම සහ වෙළෙඳ තරාතිරම්, මට්ටම් අතර පුරෝකථනය කළ හැකි සහ විනිවිදභාවයෙන් යුත් පරිසරයක් නිර්මාණය, මාංෂභෝග වෙළෙඳාමේ විනය හා ආචාරධර්ම ඉහළ දැමීම ඉතා වැදගත් වෙනවා." යැයි මෙහිදී අදහස් දක්වමින් කතා කළ ගෝලීය මාෂභෝග සම්මේලනයේ සභාලති හුසෙයින් අර්ස්ලාන් මහතා පැවසීය.
     
    මෙම අවස්ථාවට රටවල් 40 ක් නියෝජනය කරමින් ගෝලීය මාංෂභෝග නිෂ්පාදක ආනයනකරුවන් රැසක්ම සහභාගී වි සිටියහ.
     
     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu