අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධිලාභීන් ලක්ෂ දෙක දක්වා වැඩි කරමින් දිළිඳුකම පිටුදැකීම අරමුණයි​

    මැයි 16, 2018

    නව සමෘද්ධිලාභීන් ලක්ෂ දෙක දක්වා වැඩි කරමින් දිළිඳුකම පිටුදැකීම තම අරමුණ බව සමාජ සවිබලගැන්වීම් පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.

    සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ දී (15)දින සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් වෘත්තීය සමිති 22 ක නිලධාරින් හමුවේ අමාත්‍යවරයා මේ බැව් පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා, පාට කණ්නාඩි වලින් බලා සමෘද්ධි සහනාධාරය ලබාදිමේ ක්‍රමවේදය මින් පසු අහෝසි වන බවත්, සත්‍ය වශයෙන් ම ගමේ දිළිඳු පවුල්වෙත, නැති බැරි පවුල්වෙත සමෘද්ධි සහනාධාරය මින් ඉදිරියේදී ලබාදෙන බවත්, රට දිළිඳුබවින් මුදවා ගැනීම තම ඒකායන අපේක්ෂාව බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.

    එලෙසම  සමෘද්ධි නිලධාරින් අතර පවතින වැටුප් විෂමතාවට, සේවා ස්ථිරභාවයට තමා කඩිනමින් කටයුතු කරන බව ද අමාත්‍යවරයා සමෘද්ධි වෘත්තීය සමිති නායකයන් හට පොරොන්දු විය.

    ගමේ තිබෙන සමෘද්ධි බැංකුව නව මුහුණුවරකින් සේම නව තාක්ෂණයෙන් වැඩි දියුණු වු ගුණාත්මක බැංකුවක් ලෙස සංවර්ධනය කරන බවත්, සමෘද්ධිලාභීයාට සේම සමෘද්ධි නිලධාරියාට ද බැංකුව මඟින් ණය පහසුකම් ලබාදීමේ සේවාව අරඔන බවත් එහිදි අමාත්‍යවරයා අවධාරණය කළේය.

    සමාජ සවිබලගැන්වීම කාර්යශිලිව ඉටු කරණු ලබන සමෘද්ධි නිලධාරින්ට උසස්වීම් සේම විදෙස්ශිෂ්‍යත්ව පිරිනැමීම තම බලාපොරොත්තුව වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    සමෘද්ධි දෙපාර්තමේන්තුවේ විෂය පද්ධතිය, සේවා ගැටළු අඩුපාඩු සේම ඉටුකළ යුතුව ඇති ඉදිරි ක්‍රියාකාරකම් පිළිබඳව කෙටි කලක් තුළදි අමාත්‍යවරයා දක්වන ලද යහපත් ප්‍රතිචාරය පිළිබඳව වෘත්තිය සමිති නිලධාරින් මෙහිදි සිය ප්‍රසාදය අමාත්‍යවරයා වෙත පළ කර සිටියේය.

    මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ශිරාණි වීරකෝන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පාලන) සී.ඩී.කළුආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නිලධාරින් රැසක් සහභාගී වුහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya