මෙම පත්වීම් අද (මැයි 14 ) සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කොට ඇති බව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.
ප්‍රවීන සිනමාකාරියක වන ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද මහත්මිය ජාතික රූපවාහිනියේ සභාපතිනිය වශයෙන් පත් කරනු ලැබ ඇත.
ස්වාධීන රූපවාහිනියේ ( වැඩබලන) සභාපති ධුරයට පත් කොට ඇත්තේ පරිපාලන සේවයේ නිලධාරිනියක වන මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන ) තිලකා ජයසුන්දර මහත්මිය යි.
ජාතික රූපවාහිනියේ සහ ස්වාධීන රූපවාහිනියේ සභාපති තනතුරු සඳහා කාන්තාවන් පත්ව ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවටය.
මේ අතර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ධුරයට හිටපු සභාපති සිද්දි මොහොමඩ් ෆාරුක් මහතා නැවතත් පත් කොට ඇත. ඒ මහතා පළමු වරට පත්කරනු ලැබූවේ 2017 දෙසැම්බර් මාසයේදී ය.
මේ අතර 'සැලසිනෙ' ආයතනයේ සභාපති තනතුරටද කාන්තාවක් පත් කොට ඇත. 'සැලසිනෙ' නව සභාපතිනිය උමා රාජමන්ත්‍රී මහත්මියයි.