ලෝක ඇදුම රෝග දිනය (මැයි 01) වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කොළඹ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (14) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගීවෙමින් වෛද්‍ය සමරසේකර මහතා මේ බව පැවසී ය.
ජූනි 05 දිනට යෙදී තිබෙන පරිසර දිනය දී මහනුවර නගරයේ දී ශ්වසන රෝග පිළිබඳ දැනුවත් කිරීමේ පාගමනක් පවැත්විමට නියමිතය. එමෙන් ම කැන්ඩි සිටි සෙන්ටර් හී දී පෙනහළු පරීක්ෂා කිරීමේ සායනයක් ද පවැත්වෙන බවත් ඒ සඳහා ජනතාවට සහභාගී වන ලෙසත් වෛද්‍ය බෝධි සමරසෙකර මහතා ප්‍රකාශ කළේ ය.
ඇදුම රෝගය ලෝකයේ සැළකිය යුතු ප්‍රතිශතයකට තිබෙන බවත් මින් ආර්ථිකයට ද යම් බලපෑමක් සිදු වන බවත් රෝගය පාලනය කිරීම සඳහා දැනුවත් කිරීම වැදගත් බවත් වෛද්‍ය සමරසේකර මහතා පැවසීය.