නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ලේ නව ගොඩනැගිලි කිහිපයක් විවෘත වෙයි

    මැයි 14, 2018

    ගාලු දිස්ත්‍රක්කයේ  හබරාදූව, අක්මීමන, ගෝනාපිනුවල සහ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල  අභිනවයෙන් ඉදිකරන ලද ගොඩනැගිලි විවෘත කිරීමේ උත්සව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

    ගෝනාපිනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලට අයත් බිම්කොටසක් ගෝනාපිනුවල පොලිස් ස්ථානය ගොඩනැගීම සදහා ලබාදීම ද මෙහිදී සිදු වූ අතර ගෝනාපිනුවල පානීය ජල යෝජනා ක්‍රමය විවෘත කිරීම ද සිදු විය.

    මීට අමතරව අග්‍රාමාත්‍යරයාගේ ප්‍රධානත්වයෙන් ගෝනාපිනුවල පානීය ජල යෝජනා ක්‍රමය ද විවෘත කෙරුණු අතර, එම අවස්ථාවන්වලට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya