රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ ධිවර සහ සමෘද්ධි සහනාධාර හිමි ජනතාවට ලබාදෙන සහනාධාරය අඛන්ඩව ලබාදෙද්දී ජනතාව මුලාකිරීමේ කුඨ වැඩපිළිවෙලක් රටතුළ ක්‍රියාත්මක වන බවය .
ඒ නිසා එවැනි උපක්‍රම වලට හසු නොවී බුද්ධිමත්ව කටයුතු කරන ලෙස සමස්ථ ධිවර ප්‍රජාවගෙන්ම ඉල්ලා සිටින බවද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා පැවසිය .
භූමිතෙල් මිල ඉහළ දැමීමෙන් ධිවර ජනතාව විවිධ ගැටළු වලට මුහුණදී සිටින බවට විවිධ පාර්ශවලින් කරන ලද විමසීම් හේතුවෙන් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේදී ඊයේ [ 11] පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව පැවසිය .
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ, භූමිතෙල් අව භාවිතය වැලැක්වීම සදහා මෙලෙස තෙල් මිල ඉහල දැමීමට තීරණය කර ඇති බවය .
බොහෝ බස් සහ ලොරි වැනි බර වාහන ඩිසල් වෙනුවට භූමිතෙල් භාවිතා කරන බවටත් එමගින් පරිසරයට විශාල හානියක් වන බවටත් රජයට පැමිණිලි රැසක් ලැබී තිබු බවත් , එය පාලනය කිරීම උදෙසා මෙලෙස භූමිතෙල් මිල රුපියල් 57 ක් වැනි මුදලකින් ඉහළ දැමුවා මිස ජනතාව පිඩාවට පත්කිරීමේ කිසිදු අදහසක් රජයට නැතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය .
මෙම භූමිතෙල් සහනාධාරය විදිමත්ව ක්‍රියාත්මක නොවන්නේනම් ඒ පිළිබදව වහා ධිවර අමාත්‍යංශය මැදිහත්ව අවශ්‍ය සහන සැලසීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය .