ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා සඳහා කොරියානු භාෂා පරික්ෂණයෙන් අපේක්ෂකයින් 546 දෙනෙකු සමත්විය. ඔවුන් සඳහා මෙම පරික්ෂණය පැවැත්වෙන අතර ඔවුන්ගේ කුසලතා පරික්ෂණ මැයි 26 දින සිට 28 දින
දක්වා පැවැත්වීමට නියමිතය.
එසේම 2018 වර්ෂයට අදාළව නිශ්පාදන ක්ෂේත්රයේ ඉල්ලූම්කරුවන් සඳහා භාෂා පරික්ෂණ දිනයන් වේලාව හා මධ්‍යස්ථානය පිළිබඳව විස්තර මැයි මස 14 දින www.slbfe.lk යන කාර්යාංශ වෙබ් අඩවියේ පළකරනු ලැබේ.
නිශ්පාදන අංශයේ රැකියා සඳහා පරික්ෂණ මැයි මස 21 දින සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.