නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ සේවක වැටුප රුපියල් 10,000කින් වැඩි කළේ වත්මන් රජයයි- කම්කරු අමාත්‍ය

    මැයි 12, 2018

    මේ රටේ ලක්ෂ දාහතරක් පමණ වන රජයේ සේවකයින්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩි කළේත් පෞද්ගලික අංශයේ සේවකයින්ට රුපියල් 2500ක වටුප් වැඩිවීමක් ලබදුන්නේත් වර්තමාන ජාතික ආණ්ඩුව විසින් බව අද බොහෝ දෙනාට අමතක වී අතැයි කම්කරු හා වෘත්තීය සමිති සබඳත අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ, ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අඳහස් දක්වමිනි.

    මේ ආණ්ඩුව පසුගිය වසර තුන තුළ රටේ ජනතාවට විශාල වැඩකොටසක් සිදු කර ඇත. ළම ශ්‍රමිකයින්ගෙන් වැඩ ගැනීම තුරන් කළ දකුණු ආසියාවේ පලමු රට බවට ශ්‍රී ලංකාව පත් වී ඇතැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා තනාපතිවරිය තමා සමඟ පැවසූ බව ද අමත්‍යවරයා සඳහන් කළේ ය. ඉදිරියේ දී වැඩකරණ ජනතාවගේ ජීවන තත්ව්ය නංවාලීමට කම්කරු අමාත්‍යාංශය මඟින් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කෙරෙන බවද පැවසීය.

    රජය ජනතාව වෙනුවෙන් සිදු කරන සංවර්ධන කටයුතු පිළිබඳව මධ්‍ය මඟින් නිසි ප්‍රචරයක් නොලැබීම කනගාටුවට කරුනක් බවත් මේ රජය විසින් ලබාදී ඇති මාධ්‍ය නිදහස සමබරව හ සාධාරන ලෙස යොදා ගන්නා මෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා කිය සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya