අධ්‍යාපන අමාත්‍යාංශයේ නිසි බලධාරියකුගේ විමසීමකින් තොරව සිදු කරනු ලබන මෙම ප්‍රචාර මගින් ජනතාව නොමග යැවීමක් සිදුවන අතරම ඔවුන් බරපතල අපහසුතාවයට ද පත් වේ.
අ.පො.ස. (උ.පෙළ) හැදැරීම සඳහා අ.පො.ස. (සා.පෙළ) ගණිතය විෂයය සමත් වීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් පවතින චක්‍රලේඛ වෙනස්කිරීමකින් තොරව එලෙසම පවතින අතර සෑම පාසල් සිසුවෙකුට ම පළමු ශ්‍රේණියේ සිට අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් ලබා දීම අරමුණු කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින්, නව වෘත්තීය විෂයයන් 26ක් ඇතුළත් විෂය ධාරාවක් අ.පො.ස. (උසස් පෙළ) සඳහා හඳුන්වා දී ඇති අතර, එය දැනට නියාමක වැඩසටහනක් ලෙස තෝරා ගත් පාසල් 192 ක ක්‍රියාත්මක කරනු ලැබේ.
මේ සම්බන්ධව අදාළ සියලුම විදුහල්පතිවරුන් දැනුවත් කර ඇති බවද අමාත්‍යංශය පවසයි.