ජනාධිපතිතුමා පසුගිය 08 දින පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් කළ ප්‍රකාශය සම්බන්දයෙන් පැවැති සභාව කල්තබන අවස්ථවේ යෝජනාව පිළිබඳ විවාදයට අඳහස් දක්වමින් මන්ත්‍රීවරයා ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.
ස්වාධීන කොමිෂන් සභා, තොරතුරු පනත ගෙන ඒම,ආදිය ඉන් කිහිපයක්. ස්වාධින කොමිෂන් සභා පත්කළ නිසයි ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටි දූෂිත නිලධාරින් පවා අත් අඩංගුවට ගැනීමට හැකි උනේ. ඒ සම්බන්ධයෙන් අදාළ කොමිෂන් සභාවල නිලධාරීන්ට ස්තුතිය පිරිනැමිය යුතුයි. ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කරන්නට නම් දේශපාලන පක්ෂ සක්‍රීයව කටයුතු කළ යුතුයි. නැතිව මෙහෙයුම් කමිටුවකට විතරක් මේ වැඩේ කරන්නට බැහැ. සමරහ අය අහනවා මේ වෙනුවෙන් කෙටුම්පතක් තිබෙනවද කියලා. ප්‍රධාන පක්ෂ දෙකවත් එකඟ වෙන්නේ නැතිව කෙටුම්පතක් හදන්නේ කොහොමද? ඒ සඳහා ප්‍රධාන පක්ෂ සක්‍රීයව දායක විය යුතුයි.ඒ නිසා මේ ප්‍රශ්නයට ප්‍රධාන පක්ෂ දෙක සෘපුව මැදිහත් විය යුතුයි.
පසුගිය දිනවල යාපනය ප්‍රදේශයේත් අන්තවාදින් විවිධ දේවල් කළා.ජාතික ගැටළුවට ලබාදිය යුත්තේ දේශපාලන විසඳුමක්. ජාතිවාදයට උඩගෙඩි දීම සම්බන්ධයෙන් පසුගිය රජයට අපි දොස් කිව්වා. නමුත් තවමත් යම් යම් ජාතිවාදි කොටස් ක්‍රියාත්මක වෙනවා.බලය බෙදීම, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පමණක් නොවෙයි අපට කරන්නට තිබෙන්නේ. අලුත් මානව හිමිකම් පරිච්ඡේදයක් අපි ඇතිකළ යුතුයි.අපි අවුරුදු දෙකහමාරක් කතා කළා. දැන්වත් ජනතාව වෙනුවෙන් වැඩකළ යුතුයි යැයි ද මන්ත්‍රීවරයා පැවසී ය.