නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජූනි මාසයේ සිට ඉන්ධන මිල සූත්‍රයක්

    මැයි 10, 2018

    ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වැඩිවන හා අඩුවන අන්දම විමර්ශනය කොට මාස 02කට වරක් ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.

    මේ අනුව ජූනි මාසයේ පස්වන දින සිට නව ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    පසුගිය රාජපක්ෂ පාලන සමයේ ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටර එකක් රුපියල් 162ක් වූ අතර වර්තමාන ආණ්ඩුව බලයට පත් වී එය 117 දක්වා අඩු කළේ ය. එසේම ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරය රුපියල් 158 සිට 128 දක්වා  ද,ඩීසල් ලීටරයක් රුපියල් 111 සිට 95 දක්වා ද සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 133 සිට 110 දක්වා ද වත්මන්  රජය විසින් අඩු කරන ලදී. එමෙන් ම එකල රුපියල් 106ක් ව පැවැති භූමිතෙල් ලීටරය ආණ්ඩුව විසින් රුපියල් 106 දක්වා වඩිකොට තිබුණි.

    එහෙත් අද ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 77 දක්වා ඉහළ ගොස් තිබේ.මේ නිසා  වර්තමාන මිලගණන්වලට ඉන්ධන අලෙවිකිරීමෙන් ලංකා කණිජ තෙල් සංස්ථාවට රුපියල් මිලියන 55 ක පාඩුවක් සිදු වී අති බව අමාත්‍ය මංගල සමරවීර මහතා,පසුගිය 09 රත්‍රියේ ජනධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්  පැවැති රැස්වීමක දී ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමටත් ඉදිරියේ දී මිල සූත්‍රය ක්‍රියත්මක කිරීමටත් තීරණය කළ බව කීය.

    මේ අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට වැඩිවන ඉන්ධන මිල ගණන් මෙසේ ය. ඔක්ටේන් 92 පෙට්ට්‍රල් රුපියල් 137.00කි. ඔක්ටේන් 95 පෙට්ට්‍රල් රුපියල් 148කි. ඔටෝ ඩීසල්ලීටරය රුපියල්  109කි. සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 119කි. භූමි තෙල් ලීටරය රුපියල්ල් 101 කි.

    එහෙත් කුප්පි ලාම්පු පාවිච්චි කරන දුගී දුප්පත් සමෘද්ධිලාභීන්ට සහ ධීවරයින්ට භූමිතෙල් ලීටරය රුපියල් 44  බගින් කූපන් ක්‍රමයට බෙදාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරය කීය.

    ධීවරයින්ට ලබාදෙන ඉන්ධන සහනාධාරය ජූනි 01 සිට ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැරකරන බවද අමාත්‍යවරයා  සඳහන් කළේ ය.

    මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න,මුදල් හා ජනමාධ්‍ය අමත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග, යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශයේ නිලධරීන් පිරිසක් මාධ්‍ය හමුවට එක්ව සිටියේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya