නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය වුනා-අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම

    මැයි 10, 2018

    2015 ජනවාරි 08 ජයග්‍රහණයෙන් පසු මේ රටේ ජනතාවට වඩාත් නිදහස් වාතාවරණයක් ඇති වූ අතර ඒ අනුව මාධ්‍ය නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ සහ රැස් වීම් පැවැත් වීමේ නිදහස ඇතුළු මානව හිමිකම් තහවුරු වූ බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබද ජ්‍යාත්‍යන්තර ප්‍රජාව අතර යහපත් ප්‍රතිරූපයක් ගොඩනැගුණු බවත්, විද්‍යා ,තාක්ෂණ සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට සංවර්ධන අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය.

     

    මේ නිසා යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට යළිත් GSP+ සහනය ලබා දුන් අතර එයින් මේ රටේ මත්ස්‍ය අපනයනය සහ ඇගලුම් ඇතුළු අනෙකුත් අපනයනයන් විශාල ලෙස වර්ධනය වූ බවත් ඇමතිවරයා පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පැවැති මාධ්‍ය හමුවකදීය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය විවරණය කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත් විණි.

    මේ රට සංවර්ධනය කළ හැක්කේ රජය සහ පෞද්ගලික අංශය එක් වී ආර්ථිකය දියුණු කිරීමට කටයුතු කිරීමෙන් පමණි. එහිදී රටේ ණය අනුපාතිකය අඩු කොට හැකිතාක් විදේශ ආයෝජන වැඩි කිරීමට පියවර ගත යුතුයි.

    පසුගිය කාලයේ නියගය,ගං වතුර ආදී පාරිසරික ප්‍රශ්න නිසා අර්බුද ඇති වුණත් ආර්ථිකය බිඳ නොවැටී පවත්වාගෙන යාමය රජයට හැකි වූ බවද ආචාර්ය සරත් අමුණුගම මහතා කීය.

    තවද අධිකරණයේ ස්ථාවර භාවය සහ ස්වාධිනත්වය ආරක්ෂා කිරීමටත් මේ රටේ සංහිඳියාව වර්ධනය කිරීමටත් පියවර ගත් අතර තොරතුරු දැනගැනීමේ පනත මගින් ජනතාවට රජයේ ඕනැම ආයතනයක තොරතුරු ලබා ගැනීමට හැකි වී තිබෙන බවත් ඇමතිවරයා තවදුරටත් පැවසීය.

     

    ඡායාරූප- යමුනී රශ්මිකා පෙරේරා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya