නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මූලතිව් දිස්ත්‍රික්කයේ නියඟයෙන් පීඩාවිඳින වනසතුන්ට යුද්ධ හමුදාවෙන් පානීය ජලය

    මැයි 10, 2018

    මූලතිව් දිස්ත්‍රික්කයේ ඕඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ මුත්තියන්කට්ටුකුලම් රක්‍ෂිතය හරහා දිවෙන මුත්තියන්කට්ටුකුලම් සිට උදයාර්කට්ටුකුලම් දක්වා මාර්ගයේ විශේෂිත ස්ථානයන්හි ජල රැඳවුම් ස්ථාන සකස්කර සතුන්ට සහ කුරුල්ලන්ට පානය සඳහා ජලය සැපයීමට පියවර ගෙන ඇත.

    මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් එම ප්‍රදේශයේ පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් ස්වභාවික වාසස්ථාන හා ජිවීන්ගේ පැවැත්ම කෙරෙහි අවධානය යොමු කරමින් ජලය සැපයීමට පියවර ගෙන තිබේ.

    රක්‍ෂිතයන්හි ජිවත්වන ජිවීන් පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරමින් මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු මහතාගේ යෝජනාවකට අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

    මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 64 වන සේනාංකයේ භට පිරිස් විසින් රක්ෂිතය තුළ ජල රැඳවුම් ස්ථාන හඳුනාගෙන යුද්ධ හමුදා බවුසර් යොදාගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.
    ඒ අනුව, යුද්ධ හමුදා බවුසර් යොදාගනිමින් පීඩාවට පත් ප්‍රදේශවලට වැසිසමය ආරම්භවන තෙක්ම ජලය සැපයීමට පියවර ගෙන ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya