අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හෙණ්ඩියපොළ 1446 ග්‍රාම නිලධාරි වසමේ ''නිල සෙවණ'' කාර්යාලය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට පසුගියදා එක් වෙමිනි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ඉදිකරනු ලබන ''නිල සෙවණ''
ක්ෂේත්‍ර නිලධාරී කාර්යාලයක් සඳහා රජය වෙන්කරනු ලබන මුදල රුපියල් ලක්ෂ 20කි.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත 2020 අවසානය වනවිට ''නිල සෙවණ''කාර්යාල 14,000ක් ඉදිකිරීමට නියමිත ඇති අතර ඒ මගින් කාර්යක්ෂම, විශ්වසනීය හා ගුණාත්මක රාජ්‍ය සේවයක් ගමේ ජනතාව අතරට ගෙන යාම සඳහා අවස්ථාවක් ලැබෙනු ඇත.
මෙම කාර්යාල ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි, සමෘද්ධි නිලධාරි හා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී යන ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා භාවිතා කළ හැකි අතර ගමේ පොදු කටයුතු සඳහා ද යොදාගත හැකි ආකාරයෙන් ඉදි කරනු ලබයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
''රජය ලෙස නිල සෙවණ කාර්යාල ව්‍යාපෘතිය දියත් කරන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාත්, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ මග පෙන්වීම යටතේ නිල සෙවණ කාර්යාල 14,022ක් 2020 වන විට ස්ථාපිත කරන්න උත්සහ ගන්නවා. පහසු කටයුත්තක් නොවෙයි. පසුගිය අවුරුදු දෙක තුළ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලෙස අපි විශාල වැඩකොටසක් ඉටු කර තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගණනාවක නව ගොඩනැගිලි ඉදි කරමින් පවතිනවා. ලංකාවේ ම ප්‍රාදේශීය ලේකම් කර්යාල 332 ක් පවතිනවා.
එයින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 180 ක පමණ නව ගොඩනැගිලි මේ වන විට ඉදි කරනවා. සමහර දිස්ත්‍රික්කවල සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නව ගොඩනැගිලි සකසනවා. පසුගිය පාලන කාලය මහජනයා බලාගත්තු ආකාරය මෙයින් පැහැදිළි වෙනවා. කළුතර, මන්නාරම, කිලිනොච්චිය, මඩකලපුවේ හදනවා. තංගල්ල, වීරකැටිය, තිස්සමහාරාම හදනවා. කොළඹ එක ග්‍රාම නිලධාරි කොට්ඨාසයක පවුල් 6000ක් ඉන්නවා. අලුතෙන් මායිම්වෙ නස් කරන්න තියෙනවා. මායිම් මාරු කිරීම අයත් වන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට.
මේ ආණ්ඩුව පසුගිය අවුරුදු දෙක තුළදී නියගය, ගංවතුර, විනාශ කළ ආර්ථිකයට මුහුණ දුන්නා. ඒ සියල්ල යථාතත්වයට පත් කරමින් යනවා. සමහරු ආණ්ඩු පෙරළන්න හිතනවා. මහජනතාවට වැඩක් කරන්න නම් ආණ්ඩුවේ ප්‍රතිපත්ති රාජ්‍ය නිලධාරින් ක්‍රියාත්මක කළ යුතුයි. රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැන්වීම සඳහා රාජ්‍ය නිලධාරින් බැඳිල ඉන්නවා. මේ ආණ්ඩුව මගින් ග්‍රාම නිලධාරින් 14,000 ටම රාජකාරී ගමන් මලු ලබාදුන්නා. ආර්ථික සංවර්ධන නිලධාරින් 17,000 ටමත් ඉදිරියේදී රාජකාරී ගමන් මලු දෙනවා. ප්‍රශ්න ගොඩාක් ඇති බව අපි දන්නවා. රජයක් ලෙස මෙම ප්‍රශ්නවලට මුහුණ දෙන ගමන් රජයේ නිලධාරින්ගේ වැටුප ද අපි ඓතිහාසික ලෙස වැඩි කරල තියෙනවා.
තරඟ විභාග ක්‍රමයක් ඇති කර ඒ මගින් ඉදිරියට යෑමේ ක්‍රමය සැකසුවේ රනිල් වික්‍රමසංහ මහතාගේ පාලන කාලයේදී. මෙය රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ආපු නිසා රැකියා ලැබෙන බව තරඟ විභාගවලින් සමත් වන අය සිතන්නේ නැහැ. ඔවුන් රැකියා ලබාගත් පසු ඒ පාලනයට විරුද්ධව කටයුතු කරනවා. එහෙම කරන්න එපා. තරඟ විභාග ලියන දක්ෂ දරුවන්ට තැනක් එනවා. සාධාරණ, යුක්ති සහගත සමාජ ක්‍රමයක් තිබෙන නිසා ඒ තැන ලැබෙන බව සිතන්න අවශ්‍යයයි. එසේ නැතිව, ඔබට අවශ්‍ය තෝරා ගත් පිරිසකට රැකියා ලැබෙන පාලන ක්‍රමයක් ද? ඒක හොඳ නැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332ත්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ත් 2020 වන විට අලුත් මුහුණුවරක් ඇතිව අංග සමුපූර්ණව ගොඩනැගීමට අප සැලසුම් කරනවා. රාජ්‍ය නිලධාරින් ද මේ පිළිබඳව කල්පනාවෙන් ක්‍රියා කළ යුතුව තිබෙනවා'' යැයි පැවසීය.
මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න යන මහත්වරු ද සහභාගී වූහ.