මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිසි කළමනාකරණයකින් මුහුදු සම්පත නෙළා ගත යුතුයි- ධීවර අමාත්‍ය

    මැයි 05, 2018

    මුහුදේ ඇති අසීමිත සම්පත් නිසි කළමනාකරණයකින් යුතුව නෙළා ගත යුතු යුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා පසුගිය දා සිය ධූරයේ රාජකාරි ආරම්භ කරමින් මෙසේ පැවසී ය.

    “ ධීවර ක්ෂේත්‍රය ඉතා පුළුල් ලෙස පැතිර ඇති ක්ෂේත්‍රයක් බවත්, මුහුදේ ඇති අසීමිත සම්පත් නිසි කළමනාකරණයකින් යුතුව නෙළා ගත යුතු බවත්, එමෙන්ම ධීවර ක්ෂේත්‍රයේ සියළු දෙනා හට වඩාත් සුබදායී හෙට දවසක් උදාකර දීමට තමන් උපරිම වශයෙන් ඇප කැපවී සේවය කරන බවත් අමත්‍යවරයා පැවසී ය.

    තවද මුහුද මෙන්ම මිරිදිය ධීවර කටයුතු පිළිබඳව තමන්ට මනා අවබෝධයක් ඇති බවත් එම නිසා ධිවර ක්ෂේත්‍රයට තමන්ට අළුත් ක්ෂේත්‍රයක් නොවන බවත් සියළු දෙනාගේ සහයෝගය ඇතිව ධීවර ක්ෂේත්‍රය දියුණු කිරීම තම අරමුණ බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් අවධාරණය කළේය.

    එම අවස්ථාවට  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා, වාරිමාර්ග හා ආපදා කළමණාකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා,  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලි මහතා ඇතුළු අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ප්‍රසන්න ගිනිගේ මහතා සහ ධීවර අමාත්‍යාංශයට අනුබද්ධ සියළු ආයතන වල සභාපතිවරුන්, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුළු අමාත්‍යාංශයේ හා දෙපාර්තමේන්තුවේ සියළුම නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු සමස්ත කාර්යය මණ්ඩලයද සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya