අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    29 වන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව උතුරු මුහුදේදී

    මැයි 05, 2018

    ශ්‍රී ලංකා - ඉන්දීය නාවික හමුදා නියෝජිතයින් අතර වාර්ෂිකව පවත්වනු ලබන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව පසුගිය දා කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘සුමිත්‍ර’ නෞකාවේදී පවත්වන ලදී.

    උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතා ප්‍රධානත්වය දරන ලද ශ්‍රී ලාංකික නියෝජිත පිරිසට උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය ආඥාපති, සෙනරත් විජේසුරිය මහතා, අධ්‍යක්ෂ නාවික මෙහෙයුම් කොමදෝරු සංජිව ඩයස් මහතා සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකායේ නියෝජ්‍ය අධ්‍යක්ෂ‍ සහ අධ්‍යක්‍ෂ මෙහෙයුම් කපිතාන් රවින්ද්‍ර තිසේරා මහතා ඇතුලු නිලධාරීන් 11 දෙනෙකු සහභාගි විය. ඉන්දීය නියෝජිතයින් පිරිසට තමිල්නාඩු කළාපය භාර ධජ නිලධාරී රියර් අද්මිරාල් අලෝක් භාත්නගර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් 09 දෙනෙකු සහ ශ්‍රී ලංකා‍වේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් අශෝක් රාඕ මහතා ද සහභාගීවි සිටියහ. දෙපාර්ශයෙහිම නිලධාරීන් විවිධ අංශයන්හි විශේෂ සුදුසුකම් සහිත අයවලුන් වූහ.

    මෙම වාර්ෂික සමුළුව, දෙරටෙහි නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකායන් අතර අවබෝධය වර්ධනය කර ගැනීම තුළින් මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම වෙනුවෙන් පවත්වනු ලබයි. 29 වන වරටත් පවත්වන ලද මෙම සමුළුවේදී, අන්තර් සහයෝගීතාවය තුළින් කලාපයේ සාගරික ආරක්ෂාව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලද අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

    SLNavy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya