අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 2020 දී නව අපනයන කරුවන් 2000 ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන ගැන ව්‍යවසායකයන් දැනුවත් කෙරේ

    මැයි 05, 2018

    රජය විසින් 2017-2020 කාලපරිඡ්චේදය තුලදී අපනයන කරුවන් 2000 ස්ථාපිත කිරීම සඳහා ජාතික වැඩසටහනක් දියත් කර ඇත.

    මෙම ජාතික වැඩසටහන පිළිබඳ ව්‍යවසායකයන් දැනුවත් කිරීම සඳහා පළාත් මට්ටමෙන් සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරී ඇති ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ඒ සඳහා කටයුතු සුදානම් කළ අතර ඒ අනුව පළාත් මට්ටමෙන් පවත්වන තෙවන සම්මන්ත්‍රණය 2018 මැයි මස 11වන සිකුරාදා දින උදෑසන 9 .00 ට මාතර සනායා මැන්ෂන් හෝටලයේදී පැවැත්වේ.

    මෙම ජාතික වැඩසටහන සදහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ,සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය, මලික් සමරවීර මහතා, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමණාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, සාගල රත්නායක මහතා, ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය, සුජීව සේනසිංහ මහතා, දකුණු පළාත් ආණ්ඩුකාර මාෂල් පෙරේරා මහතා, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය, ෂාන් විජයලාල් ද සිල්වා මහතා, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්, චාන්දනී විජේවර්ධන මහත්මිය ,අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනිය සහ ප්‍රධාන විධායිකා, ඉන්දිරා මල්වත්ත මහත්මිය සහ අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නිලධාරීන් සහභාගීවීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya