මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෙවලන් වතුයායේ නිවාස 25 ක් ජනතා අයිතියට

    මැයි 05, 2018

    මහනුවර, පුපුරැස්ස, ලෙවලන් වතුයායේ නිවාස 25 ක් ජනතා අයිතියට පත් කෙරිණි.

    කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ප්‍රදානත්වයෙන් නිවාස ප්‍රදානය පැවැත්විණි.

    “හරිත රන්” නිවාස යෝජනා ක්‍රමය යටතේ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය ප්‍රතිපාදනන යටතේ රුපියල් මිලියන 30 ක වියදමින් මෙම නිවාස වැවිලි ප්‍රජාව වෙත ඉදිකර දෙනු ලැබීය.

    මෙම අවස්ථාව සඳහා කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ගරු අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා, ව්‍යවසාය සංවර්ධන සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,   පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා, ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya