මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සදහම් චාරිකා දුම්රිය මාතර සිට කන්කසන්තුරයට

    මැයි 05, 2018

    රජය විසින් මෙවර 2018 වසරේ ජාතික වෙසක් උත්සවය වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලදි. මෙම වෙසක් සතියේ අවසාන අංගය වන සදහම් චාරිකා දුම්රිය චාරිකාව   මාතර දුම්රිය ස්ථානයෙන් ආරම්භ කොට කන්කසන්තුරේ දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කරන ලදි.

    ජාතීන් අතර සහ ආගම් අතර සංහිදියාව ඇතිකිරීමේ අරමුණින් ආරම්භ කර මෙම චාරිකාව සඳහා යොදාගත් මැදිරි 10 කින් යුතු දුම්රිය පස්වරු 01.45 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළගාවිය. මෙම දුම්රිය මැදිරිය තුළ විශේෂ පිරිත් මණ්ඩපයක් ඉදිකර ගරුතර මහා සංඝරත්නය විසින් ආශිර්වාද පිරිත් දේශනය සමග මහානුභාව සම්පන්න ජලනන්දන පිරිත සච්ඣායනා කරන ලදි.

     

    එමෙන්ම මෙම මැදිරිය තුළ තනන ලද විශේෂ මණ්ඩපයක සදාතුක කරඩුවක් ද දර්ශනීය ලෙස තැන්පත් කර තිබු අතර, මෙම පිරිත් සච්ඣායනය සඳහා ස්වාමීන් වහන්සේලා දොළොස් නමක් සහභාගී වුහ.

    කොළඹ කොටුවට පැමිණි සදහම් චාරිකාව පිළිගැනීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැමිණි අතර ගරුතර සංඝයා වහන්සේලා විසින් අමාත්‍යවරයාට ආශිර්වාද කරන ලදි.

    මෙම දුම්රියෙන් මාතර සිට කන්කසන්තුරේ දක්වා ගරුතර මහා සංඝයා වහන්සේලා ඇතුලු සැදැහැවතුන් 600 ක් පමණ දෙනා ගමන් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මෙහෙයුම් විජය සමරසිංහ මහතා අවධාරණය කළහ. කොළඹට පැමිණි දුම්රිය පස්වරු 02.10 ට කන්කසන්තුරය බලා පිටත් විය.

    මෙම අවස්ථාවේදී කරුණු දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ, රජය විසින් ජාතික සංහිදියාව ඇති කිරීම සඳහා ආරම්භ කර ඇති මෙවැනි ආගමික වැඩසටහන් කාලීන වශයෙන් ඉතාම වැදගත් බවත් ඉදිරි අවුරුදු වලදීද වෙසක් උත්සවය නිමිත්තෙන් මෙවැනි සදහම් චාරිකා සඳහා අවශ්‍ය සහාය දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ලබාදීමට කටයුතු කරන බවයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya