මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩාව පිළිබඳ තීරණ ගැනීමට ස්වාධීන කමිටුවක් - අමාත්‍ය ෆයිසර් මුස්තාපා

    මැයි 04, 2018

    තරඟ සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩ කණ්ඩායම් තේරීමේ සහ ක්‍රීඩ සංගම් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී සිය අභිමතය අනුව කටයුතු කිරීමට ක්‍රීඩා ඇමැතිවරයාට හිමි වී තිබෙන බලය ඉවත් කොට එය ක්‍රීඩා උපදේශක මණ්ඩලයක් වෙත පැවරීමට තමා කටයුතු කරන බව පළාත් පාලන පළාත් සභා සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

    මේ සඳහා දැනට තිබෙන ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා බවත් ක්‍රීඩාව නිර්දේශපාලනය කිරීම,තම අරමුණ බවත් ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද(4)පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා පැවසීය.

    ක්‍රීඩා කටයුතු පිළිබඳ තීරණ ගැනීමට ස්වාධීන කමිටුවකට පැවරීමෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට හා නිලධාරීන්ට චෝදනා එල්ල නොවන බවත් අමත්‍යවරයා කීය.

    මෙහිදී තවදුරටත් කරුණු දැක් වූ අමාත්‍යවරයා,මින් ඉදිරියට තරඟ සඳහා ක්‍රීඩකයින් යැවීමේ දී ඔවුන්ගේ උපරිම  දක්ෂතා පරික්ෂා කර බලා පදක්කමක් ලබාගැනීමට හැකි අය පමණක් ඒ සඳහා සහභාගී කරවීමට පියවර ගන්නා  බවත් කීය.

    එසේම ක්‍රීඩා කණ්ඩායම් සමඟ යවන නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීමට අඳහස් කොට ඇති බවත් පසුගිය කාලයේ සමහර ක්‍රීඩා තරඟ සඳහා ක්‍රීඩකයින්ට වඩා නිලධාරීන් ගොස් තිබෙන බවත් අමාත්‍යවරයා පැවසී ය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 31 දාට පෙර නිලවරණය ස්ථීර වශයෙන් ම පවත්වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya