මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තහනම් පොලිතීන් නිෂ්පාදන නීතියට හසුකරගැනීම අඛණ්ඩව -මධ්‍යම පරිසර අධිකාරිය

    මැයි 03, 2018

    නීතීය නොතකා සිදුකෙරෙන තහනම් පොලිතීන් නිෂ්පාදනකරුවන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා ඇති අතර, තහනම් පොලිතීන් නිෂ්පාදන වැටලීම් අඛණ්ඩව සිදු කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

    ප්ලාස්ටික් ද්‍රව්‍ය යොදා ගනිමින් ආහාර දවටන නිෂ්පාදනය කරන මට්ටක්කුලිය ප්‍රදේශයේ කම්හලක් නීතියේ රැහැනට හසුකර ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන කණ්ඩායම සමත් වී තිබේ.

    ජනතාවගෙන් ලැබුණු තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන නිලධාරින් ඉකුත් මැයි මස 02 වන දින අදාළ කම්හල වැටලු අතර, ඒ වන විටත් නිෂ්පාදන යන්ත්‍ර 04 ක් යොදා ගනිමින් තහනම් කරන ලද එච්.ඩී.පී.ඊ.(HDPE) ප්ලාස්ටික් භාවිත කරමින්, ආහාර දවටන නිෂ්පාදනය කරමින් සිට ඇත.

    එම අවස්ථාවේදීම ඔවුන් නීතීයේ රැහැනට හසුකර ගත් අතර, අදාළ සාම්පල් පොලිස් භාරයට ගනු ලැබීය. මධ්‍යම  පරිසර අධිකාරිය විසින් කර්මාන්තකරුට විරුද්ධව නීතීමය පියවර ගැනීමට කටයුතු යොදා ඇත.

    රජය විසින් ගනු ලැබූ තීරණයකට අනුව 2017 සැප්තැම්බර් මස 01 දින සිට අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් සියළුම ආකාරයේ පොලිඑතලින්, පොලිප්‍රොපලීන් හා ඒවා ආශ්‍රිත ලන්ච්ෂීට්, ෂොපින් බෑග්, ග්‍රොසරි බෑග්, පොලිස්ටයරින් කැම බහාලන පෙට්ටි, නිෂ්පාදනය, අලෙවිය, ගබඩා කිරීම හා පරිභෝජනය තහනම් කරන ලදී.  දැනටමත් වෙළෙඳපොලට පිවිස ඇති පරිසර හිතකාමී පොලිතීන් නිෂ්පාදන ප්‍රචලිත කිරිමට, තහනම් පොලිතීන්  නිෂ්පාදන වෙළඳපොලට පැමිණිම බාධාවක්ව පවතින අතර, නීතීය නොතකා සිදුකෙරෙන තහනම් පොලිතීන් නිෂ්පාදනකරුවන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා ඇති බව
    නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya