මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවින්ට හිඟයකින් තොරව අඛණ්ඩව පොහොර ලබා දෙනවා - ඇමති මහින්ද අමරවීර

    මැයි 03, 2018

    හිඟයකින් තොරව ගොවින්ට අඛණ්ඩව පොහොර මිලදී ගැනීමට අවස්ථාව සළසාදීම සදහා ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව නව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

    එසේම වස විස නැති භොග වගාවන්හි යෙදෙන ගොවීන්ට මුදල් ආධාර ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තමා බලාපොරොත්තු වන බවත් ඒ සදහා අමාත්‍යංශයේ නිලධාරින් සමඟ සාකච්ඡා කරන බවත් ඒ මහතා පැවසුවේ, අද(3) කෘෂිකර්ම අමාත්‍යංශයේදී නව ඇමති ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු මාධ්‍ය වේදින් අමතමිනි.

    කෘෂිකර්ම අමාත්‍යංශය ධීවර සහ සංචාරක අමාත්‍යංශ මෙන් රටේ ආර්ථික වර්ධනයට විශාල දායකත්වයක් ලබා දිය හැකි අමාත්‍යංශයක් ලෙස හැඳින්විය හැකියි. එහෙත් පසුගිය කාලයේ පැවැති නියඟය සහ ගං වතුර නිසා වී වගාවන් විනාශ වීමෙන් අස්වැන්න විශාල ලෙස අඩු විය. මේ නිසා පිටරටින් සහල් සහ වෙනත් භාණ්ඩ ආනයනය කිරීමටද සිදු විය. නියඟයට මුහුණ පෑ ගොවි ජනතාවට රජය විසින් දුන් සහනවලට අමතරව රුපියල් මිලියන 37,000ක නියං සහනාධාරද ලබා දුන් බවද අමාත්‍යවරයා කීය.

    අපට කාළගුණය වෙනස් කළ නොහැකි වුණත් වගාවන්ට අරපිරිමැස්මෙන් ජලය භාවිතා කිරීමට සහ ජලය අඩුවෙන් යොදා ගන්නා භෝග වර්ග වගා කිරීමට ගොවීන් දිරි ගැන්විය යුතු බවද පැවසූ අමාත්‍යවරයා, හිටපු කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා කෘෂිකර්මය නංවා ලීම සදහා ආරම්භ කළ වැඩපිළිවෙල තමා ඉදිරියට ගෙන යන බවද සඳහන් කළේය.


    හිටපු කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක සහ කෘෂිකර්ම රාජ්‍ය ඇමති වසන්ත අළුවිහාරේ යන මහත්වරුන් ඇතුළු අමාත්‍යංශ නිලධාරිහුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya