මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැයි 4 සිට වැසි සහිත කාලගුණයක්

    මැයි 03, 2018

    මැයි මස 04 වන දින සිට දිවයිනේ වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂ කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    බස්නාහිරසහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ. දකුණ සහ ඌව පළාත්වලත් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් මි.මී. 50ක පමණ සාමාන්‍යයෙන් තද වැසි ඇති විය හැක.

    සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya