මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා විදේශ සේවයට අලුතින් බඳවා ගනු ලැබූ නිලධාරීහු වැඩ භාර ගනිති

    මැයි 03, 2018

    ශ්‍රී ලංකා විදේශ සේවයට අලුතින් බඳවා ගනු ලැබූ 2018 නිලධාරී කණ්ඩායම ඊයේ (මැයි 02) කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී වැඩ භාරගත් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    2016 ශ්‍රී ලංකා විදේශ සේවා ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව හා 2017 මාර්තු මස 17 වැනි දිනැති අංක 2011 දරන ගැසට් නිවේදනය අනුව 2017 වසරේදී විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද විවෘත තරග විභාගයක් මගින්, 21 දෙනකුගෙන් සමන්විත මෙම නිලධාරී කණ්ඩායම රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා විදේශ සේවයට පත්කරන ලදී.

    අලුතින් බඳවා ගනු ලැබූ මෙම නිලධාරීන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවයේ නියුක්ත කිරීමට පෙර බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය(විදේශ කටයුතු අමාත්‍යාංශයේ පුහුණු ආයතනය) මගින් සැලසුම් කරන ලද පුළුල් පුහුණු වැඩසටහනකට සහභාගී වනු ඇත. මෙම වැඩසටහනට වෙනත් අමාත්‍යාංශ හා නියෝජිතායතනවල පැවැත්වෙන පුහුණු වැඩසටහන්ද ඇතුළත් වනු ඇත.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya