මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙළයේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් දැයෙන් සමුගනී

    මැයි 02, 2018

    අභාවප්‍රාප්ත හෙළයේ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍ය කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අද (02) සවස නිදහස් චතුරශ්‍රයේ දී සිදුවිය.

    සිය 99 වැනි ජන්ම දිනය පසුගිය අප්‍රේල් මස 05 දා සැමැරූ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා කොළඹ පෞද්ගලික රෝහලක දී අප්‍රේල් මස 29 දා සවස අභාවප්‍රාප්ත වූයේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය
    රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඒ මහතාගේ අවමංගල්‍ය කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකරන ලෙස උපදෙස් ලබාදෙන ලදී.

    දේහය නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කිරීමෙන් පසු පවුලේ ඥාතීන්ට හා කලාකරුවන් දේහයට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව සළසා දහවල් 12.00 සිට සවස 3.00 දක්වා මහජන ගෞරවය සඳහා විවෘතව තැබිණි.  අවමංගල්‍ය උත්සවයේ කටයුතු සවස 3.00ට ආරම්භ විය. ක්‍රිස්තියානි ආගමික කටයුතු අවසානයේ දී දේහය පිළිබඳ අවසන් කටයුතු ආරම්භ  වූ අතර  ආචාර වෙඩිමුර මධ්‍යයේ දේහය චිතකය වෙත  ඇතුල් කළේ ය.ක්‍රිස්තියානි ආගමික ගයනා මධ්‍යයේ චිතකයට ගිණි දැල්වීය.

    මේ අවස්ථාවට අතිපූජ්‍ය මහාසංඝරත්නය, අන්‍යාගමික පූජකවරුන් ඇතුළු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා, පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයන්,දෙස් විදෙස් කලාකරුවන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya