නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අදාහනය පැවැත්වෙන අද ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරයි

    මැයි 02, 2018

    අභාවප්‍රාප්ත හෙළයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු අද (02) නිදහස් චතුරශ්‍රයේ දී රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වේ.

    ලෝක පූජිත කලාකරුවෙක් ජාතියෙන් සමුගන්නා මොහොතේ එතුමන් සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන් කරන ලද අනූපමේය සේවයට ගෞරව කිරීමක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංංහ මහතාගේ උපදෙස් මත ආදාහන කටයුතු පැවැත්වෙන අද (02) දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.


    ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය මේ වනවිට කොළඹ ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ එතුමා පදිංචිව සිටි නිවසේ තැන්පත් කර තිබේ. හෙට උදෑසන එම නිවසේ දී ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව පෙරවරු 10.00 ට රථ පෙරහැරකින් කොළඹ 07 නිදහස් චතුරශ්‍රය අසළට ගෙන ඒමට නියමිතය. ජාතික චිත්‍රපට සංස්ථාව අසළ දී සිනමාවේදීන් ඇතුළු කලාකරුවන් විසින් දේහයට පුෂ්පෝපහාර දක්වා එතැන් සිට පා ගමනින් නිදහස් චතුරශ්‍රය වෙත පැමිණෙනු ඇත. දහවල් 12.00 සිට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කර තැබීමෙන් පසු සවස 3.00 අවමංගල්‍ය උත්සවයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya