නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    700 වැනි උදාගම්මානය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නමින්

    මැයි 01, 2018

    ලාංකේය සිනමාව පුරෝගාමි මෙහෙවරක් සිදු කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට උපහාර පිණිස ''සිනෙපති ලෙස්ටර් ජේම්ස් පීරිස් ගම''නමින් උදා ගම්මානයක් සඳහා පෙරේදා 29 දින තිස්සමහාරාම ජූල්පල්ලම ග්‍රාමයේ දී මුල්ගල තැබිණි.

    නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදස මහතා අතින් උදාගම්මානයට මුල්ගල තැබුවේ ය.

    මෙම ගම්මානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිකෙරෙන 139වන උදා ගම්මානය මෙන් ම තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාශය තුළ ඉදිකෙරෙන 65වන උදා ගම්මානය ද වෙයි.

    ආර්ථික අපහසුතාවයෙන් පසුවන පවුල් සඳහා නැවත අය කරගැනීමකින් තොරව ලබාදෙන නිවාස ආධාර යටතේ මෙම ගම්මානයේ ප්‍රතිලාභී පවුල් වෙත සිය නිවස ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 500,000ක ආධ්යාරයක්
    ලබාදෙයි.

    නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය රජයෙන් කළ ඉල්ලීමක් පරිදි දිළිදු පවුල් වෙත දිවයින පුරා උදා ගම්මාන 50ක් ඉදිකිරීම සඳහා පිරිනැමුණු රුපියල් ලක්ෂ 6000 ආධාර වැඩසටහන යටතේ මෙම උදා
    ගම්මානය ඉදි කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya