නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩයිනමයිට් යෙදූ මසුන් විශේෂ වැටලිමකින් පසු අත්අඩංගුවට

    අප්‍රේල් 25, 2018

    ඩයිනමයිට් යොදා මරන ලද මසුන් ඇතැම් මත්ස්‍ය ව්‍යාපාරිකයින් විසින් අලෙවි කරන බවට ලද තොරතුරක් මත සිදු කළ වැටලීම්වලින්  ව්‍යාපාරිකයින් සිව්දෙනෙක් විසින් අලෙවි කිරීමට රැගෙන විත් තිබු ඩයිනමයිට් යොදා මරන ලද මසුන් කිලෝ ග්‍රෑම් 3000කට ආසන්න ප්‍රමාණයක් අත් අඩංගුවට ගැනීමට හැකි වූ  බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සඳහන් කරයි.

    ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකය, ශ්‍රී ලංකා පොලිසිය, හා විශේෂ කාර්ය බලකායේ නිලධාරින් එක්ව අද දින ( 25)  පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයේ මෙම විශේෂ වැටලීමක් ක්‍රියාත්මක කළේය.

    එමෙන්ම ඇල්ලීමට තහනම් කර ඇති තඹුවා නැමැති මත්ස්‍ය විශේෂයට අයත් මත්ස්‍යයෙක් ඇතුළු මත්ස්‍ය ප්‍රවාහනය සිදු කළ ලොරියක්ද අත් අඩංගුවට ගෙන තිබේ.

    ඩයිනමයිට් යොදා මසුන් මැරීම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් මුළුමනින්ම තහනම් කර තිබේ. එමෙන්ම ඩයිනමයිට් යොදා මරන ලද මසුන් අලෙවි කිරීම, ප්‍රවාහණය, ලග තබාගැනීම, මෙන්ම ප්‍රදර්ශනය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇත. අත්අඩංගුවට ගන්නා ලද මෙම නීතිවිරෝධී මත්ස්‍ය තොගය කින්නියා,පුල්මුඩේ හා මාතර  යන ප්‍රදේශවලින්  පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය අලෙවි සංකීර්ණයට අලෙවිය සඳහා රැගෙන විත් තිබිනි.

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබුනේ මේ අන්දමින් ඩයිනමයිට් යොදා මසුන් අල්ලන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සඳහා වැටලිම් දිගටම ක්‍රියාත්මක කරන ලෙසයි.

    මෙම වැටලීමට සම්බන්ධ වු ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිනිගේ මහතා ප්‍රකාශ කළේ නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදෙන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සඳහා දිගටම වැටලීම් සිදු කරන බවයි. එමෙන්ම අත් අඩංගුවට පත් පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩිව නීතිමය පියවර ගන්නා බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya