නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාලගුණ තත්ත්වයේ වෙනසක් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    අප්‍රේල් 25, 2018

    කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අද (25) දින සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමක තද වැසි බලාපොරොත්තු වේ.

    නිරිත දිග සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බවත් සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya