සුරක්ෂිත ප්‍රජාවක් සහ තිරසර සංවර්ධනයක් යන අභිමතාර්ථ සපල කර ගැනීම වෙනුවෙන් කටයුතු කරන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙසක් පොහොය නිම්ත්තෙන් විසින් මෙවැනි ප්‍රජා සක්තාර මාලාවක් සංවිධානය කර ඇත.
මෙම සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන තුළින් රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ඇති වී තිබෙන රුධිර හිඟය අවම කිරීම සඳහා දායකවීමට කටයුතු කිරීම ප්‍රධාන අරමුණ විය.
ආපදා කළමනාකරණ අමාත්‍යංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය යන ආයතනවල නිලධාරීන් සහ ජනතා සහභාගිත්වයේන් දිනය පුරා මෙම ලේ දන්දීමේ වැඩසටහන කියාත්මක කරන ලදී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ආර්.පී සමරක්කොඩි මහතා ඇතුලු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ අමාත්‍යාංශ නිළධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගීවිය.