නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිල ඇදුම් වවුචරයේ වටිනාකම වැඩිකිරීම පිළිබඳ අවධානය

    අප්‍රේල් 24, 2018

    සිසුන්ට ලබාදෙන නිල ඇදුම් වවුචරයේ වටිනාකම ඉදිරියේ දී වැඩි කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට දැනුම් දී ඇත.

    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 පන්තියට උසස්වීම් ලිපි ප්‍රදානය වෙනුවෙන් ඊයේ (23) අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයක දී අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

    උත්සව අවස්ථාවට පැමිණ සිටි විදුහල්පතිවරුන්ට තම ගැටළු හෝ අදහස් ඉදිරිපත් කිරීමට ද අමාත්‍යවරයා අවස්ථාව ලබා දුන් අතර එහිදී පාසල් දරුවන් වෙනුවෙන් නොමිලේ නිල ඇදුම් ලබාගැනීම සදහා වවුචර් ක්‍රමය හදුන්වාදීම විදුහල්පතිවරුන්ගේ අගය කිරීමට ලක් විය. ඉදිරියේ දී සිසුන්ට ලබාදෙන නිල ඇදුම් වවුචරයේ වටිනාකම වැඩි කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    මෙම උත්සව අවස්ථාවට අධ්‍යාපන ලේකම්වරයා සහ අධ්‍යාපන රාජ්‍ය ලේකම්වරයා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් රැසක් එක් ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya