අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජනපද තානාපති කාර්යාලීය තොරතුරු සහායක කණ්ඩායම යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ (ජනමාධ්‍ය) හමුවේ

    අප්‍රේල් 24, 2018

    ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු එක්සත් ජනපද තනාපති කාර්යාලයේ ඒකසත් ජනපද පැසිෆික් විධානයෙහි තොරතුරු සහාය වැඩිදියුණු කිරිමේ කණ්ඩායමේ දුත පිරිසක් යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ (ජනමාධ්‍ය) බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ඊයේ (23) දින මධ්‍යහ්නයේ දි හමුවිය.

    මෙම දුත පිරිස හා බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා අතර පැවති හමුවේදි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරින් සඳහා මහජන සම්බන්ධතා පවත්වාගෙන යාම සැබැදිව වැඩමුළු මීට මාස කිහිපයකට ඉහතදී පවත්වනු ලැබු බවත්, තවත් එවැනි වැඩමුළුවක් යුද්ධ හමුදාධිපතිතුමාගේ මාර්ගෝපදේශකත්වය මත පැවැත්විමට සිය කැමත්ත ප්‍රකාශ කරන ලදී.

    ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු එක්සත් ජනපද තනාපති කාර්යාලයේ ඒකසත් ජනපද පැසිෆික් විධානයෙහි තොරතුරු සහාය වැඩිදියුණු කිරිමේ කණ්ඩායමේ නියෝජිතයින් දෙදෙනකු සිය රාජකාරි කාලසීමාව නිමාවිමෙන් පසු නැවත
    එක්සත් ජනපදය වෙත පිටත්ව යාමට නියමිත අතර ඔවුන් ද මෙම හමුව සඳහා එක්ව සිටියහ.

    පැසිෆික් විධානයේ සේවයේ නියුතු එක්සත් ජනපද හමුදාවේ කපිතන් රොබර්ට් වින්ස් (Captain Robert Vince), පළමු පන්තියේ වර්ණ සැරයන් සීන් අයර්ලන්ඩ් (Sergeant First Class Sean Ireland), සැරයන් ඇන්ඩෘ පෝටර් (Sergeant Andrew Potter) සහ සැරයන් ග්‍රේගරි හිමාල් (Sergeant Gregory Heimall) යන මහත්වරුන්මෙ ම හමුව සඳහා එක්ව සිටින ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya