අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දන්සැල්වල ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් පියවර ගැනේ

    අප්‍රේල් 23, 2018

    වෙසක් සහ පොසොන් පෝය සමයේ දිවයින පුරා පවත්වාගෙන යනු ලබන දන්සැල්වල ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් ප්‍රධාන ආහාර බලධරයා ලෙස සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

    සියලු ම පළාත් හා ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ වෙත මෙම උපදෙස් මේ වනවිට නිකුත් කර තිබේ.

    ඒ අනුව දන්සැල් සම්බන්ධයෙන් දන්සල ක්‍රියාත්මක වන කොට්ඨාශයේ ආහාර පනතේ සියළු ම බලධාරීන් සහ බලය ලත් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

    01- සියළුම දන්සැල් මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශ මට්ටමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යාලයේ ලියාපදිංචි කිරීම කළ යුතුය.


    02- දන්සැල් පවත්වාගෙන යන අයගේ නම,ලිපිනය, දූරකතන අංකය වැනි මූලික තොරතුරු ලියාපදිංචියට ඇතුළත් කර ගැනීම.

    03- මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් දන්සැල් පරික්ෂා කිරීමේ දී 2011 ආහාර ස්වස්ථතා රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන බවට වගබලා ගත යුතුය.


    04- දන්සැල් ආරම්භ කිරීමට ප්‍රථම සහ දන්සැල් අවසන් කිරීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් ස්ථානය පරීක්ෂා කර ප්‍රිසර සෞඛ්‍යයට හානි නොවන බවට ද වගබල ගත යුතුය

    යනුවෙන් මෙම උපදෙස් මාලාව නිකුත් කර  ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya