මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ,ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළට

    අප්‍රේල් 23, 2018

    අප්‍රේල් මස 24 වන දින දක්වා (හෙට) පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ මී. 2.5-3.0 ක් පමණ ( මෙය ගොඩබිමට එන රළ උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ සුළු වශයෙන් ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වනමුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං දකුණු දිශාවේ සිට ගිනිකොණ දක්වා වන දිශාවලින් හමන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දිශාවලින් හමයි. සුළගේ වේගය පැ.කි.මී. 20-30ක් පමණ වන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya