නායක ගුවන් කාන්තා මදුශානි නිලධාරිනියගේ පියාත් සහෝදරයාත් පූර්ණ ආබාධිත තත්වයෙන් පසුවීම නිසා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් මෙම නිවස ඇයට ප‍්‍රධානය කිරීමට තීරණයකරන ලදී.
මෙම නිවස ඉදිකිරීම සඳහා මූල්‍යමය දායකත්වය ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ලබාදුන් අතර ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සහ කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුර විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ නාමාවට පත් කරන ලදී.
සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එම්.ආර්.කේ සමරසිංහ මහතා කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෘාප් කැප්ටන් මොහාන් බාලසූරිය මහතා ඇතුළු නිළධාරීන් ද සෙසු නිළයන් ද සහ සේවා වනිතා ඒකකයේ නියෝජතයින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
airforce