අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබදව සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
එහිදී අමාත්‍යවරිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යටතේ ඇති අධිකරණ විද්‍යා අංශය ,ගිනි අවි හා ප්‍රක්ෂිප්ත විද්‍යා, පුපුරණ ද්‍රව්‍ය සහ ගිනි අවි විමර්ෂණ මත් ද්‍රව්‍ය අංශය, මස්තු විද්‍යා හා ඩී.එන්.ඒ.අංශය වැනි අංශ වෙත ගොස් ඒවායේ කටයුතු පිළිබදව සොයා බැලුවාය.
විශාල වැඩ කොටසක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් සිදු කරන බවත් එය අගය කරන බවත් එහිදී අමාත්‍යවරිය සදහන් කළාය. සිදු කරනු ලබන කාර්යක්ෂම සේවය සදහා දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන්ට ස්තුතිය පළ කරන බවත් අධිකරණ අමාත්‍යවරිය පැවසුවාය.
නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව් .එම්.එම්.ආර්.අදිකාරී, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සමන් කුමාරි, රජයේ රස පරීක්ෂක ඒ.වැලිඅංග යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් ද සහභාගි විය.