මෙහිදී ආගමික සිද්ධස්ථානයන් සඳහා වන්දි ලබා දීමට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත. අගමැතිවරයාගේ උපදෙස් මත 16 වැනිදා මහනුවර දිසාපති කාර්යාලයේ දී වන්දි ලබාදීමේ විශේෂ ජංගම සේවාවක් ද සංවිධානය කර තිබුණි. ඉතා කෙටි කාලයක් තුළ වන්දි ගෙවීම් අවසන් කරන ලෙස අදාළ සියළු අංශ වෙත දන්වා ඇති බව ද අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා පැවසීය.