නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් සභා සීමා නිර්ණය වාර්තාව 21 දා පාර්ලිමේන්තුවේ විවාදයට

    මාර්තු 15, 2018

    පළාත් සභා සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන බව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.

    ජාතික සීමා නිර්ණ කොමිසන් සභා වාර්තාව මේ වන විට ඉදිරිපත් කර ඇති බැවින් එය ලබන 21 වැනි දා පාර්ලමේන්තුවේදී විවාදය ගැනීමට නියමිත බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ඊයේ(14) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

    එහිදී සීමා නිර්ණය වාර්තාව තුනෙන් දෙකක බහුතර බලයකින් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් අගමැතිවරයා පත් කරන කමිටුවක් මඟින් මාස දෙකක් ඇතුළත වාර්තාවක් කැඳවිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    එම වාර්තාව අගමැතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දෙදෙනාගේ ම එකඟතාය මත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කළ යුතු බව ද අමාත්‍යරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya