මෙම නව පුහුණු ගොඩනැගිල්ල මහල් දෙකකින් යුක්ත වන අතර ඒ සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 19.04 ක් වේ. මාස 05 ක් වැනි කෙටි කාලයකින් මෙහි වැඩ අවසන් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වේ.
රථ වාහන හා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, පොලිස් සංස්කෘතික අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහාචාර්ය කරුණාරත්න බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.