ගංවතුරින් හානි වු ප්‍රදේශවල පාලම් ඉදිකිරිමේ ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය-2017 යටතේ මෙම තංගල්ල මැඩිල්ල - මහමෝදර පාලමේ ඉදිකිරීම් සිදු කෙරේ . මේ සදහා වැය කිරීමට නියමිත මුදල රුපියල් ලක්‍ෂ 450 කි . දිගින් මීටර් 28 ක් සහ පළලින් මීටර් 5 දසම 5 ක් වන මෙම පාලම ඉදිකිරීමත් සමග තංගල්ල ප්‍රදේශයේ ජලගැලීම් සම්පුර්ණයෙන් පාලනය කිරීම අපේක්‍ෂා කෙරේ.
වැසි ජලය ගලා යාමට පාලමක් නොමැති වීම හේතුවෙන් අධික වැසි සහිත කාල වලදී ප්‍රදේශයේ ජලගැලීම් හේතුවෙන් ජනතාවට විශාල ගැටළු වලට මුහුණ දීමට සිදු විය . සංචාරක ව්‍යාපාරය ඉතා සාර්ථකව ක්‍රියාත්මක මෙම ප්‍රදේශයේ පැවති ගමනා ගමන අපහසුතා හේතුවෙන් ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයට ද විශාල ගැටළු මතු කර තිබුණි . නව පාලම ඉදිකිරීමත් සමග ඒ සදහාද තිරසාර විසදුම් ලැබෙනු ඇති බව මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.