නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, මොණරාගල ප්‍රාදේශිය සභා ගොඩනැගිල්ල මොණරාගල සතිපොළ සහ නගරයට පිවිසෙන අතුරු මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.
මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණදුන් ප්‍රධාන ගැටළු කිහිපයකට අද විසදුම් ලබාදෙන්න හැකිවුණා. නව ප්‍රාදේශිය සභා කාර්යාල ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම ඉතාම වැදගත්. තමන්ගේ අවශ්‍ය කටයුතු සඳහා ප්‍රාදේශිය සභා කාර්යාලයට එන පොදු මහජනතාවට මෙය ඉතා ප්‍රයෝජනවත්. වසර ගණනාවක් තිස්සේ මෙම ගැටළුව පැවතුණු අතර ඊට විසදුම් ලැබුණා. මොණරාගල සතිපොළ විවෘත කිරීමත් ජනතාවට ඉතා වැදගත් වෙනවා. නගරයට පිවිසෙන අතුරු මාර්ගය විවෘත කිරීමෙන් මොණරාගල නගරයේ වාහන තදබදයට විසදුමක් ලැබී තිබෙනවා.
ඉදිරියටත් මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සංවර්ධන කටයුතු රැසක් සිදුකිරීමට නියමිතයි. යනුවෙන්ද තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජීත ජයසේන මහත්මිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය. සභා ශාලාව, නව ශ්‍රවනාගාරය ඇතුළු ඉදිකරනලද මොණරාගල ප්‍රාදේශිය සභා කාර්යාලය සඳහා වැයවී ඇති මුදල රුපියල් මිලියන 54ක් පමණ වේ. මොණරාගල සතිපොළ සහ නගරයට පිවිසෙන අතුරු මාර්ගය සඳහා වියදම් කර ඇති මුදල රුපියල් මිලියන 50ක් පමණ වේ.
සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරියගේ ඉල්ලීමකට අනුව මෙම සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් මෙම මුල්‍ය ප්‍රතිපාදන ලබාදී තිබෙන්නේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයයි.
මෙම අවස්ථාවට සහභාගී වු මොණරාගල වැසියන් කියා සිටියේ, තමන්ට අත්‍යවශ්‍ය වූ මෙම පහසුකම් සපයාදීම සදහා මෙම සංවර්ධන ව්‍යාපෘති ඉදිකර ජනතා අයිතියට පත්කිරීම සම්බන්ධයෙන් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජීත ජයසේන මහත්මියට මොණරාගල ජනතාවගේ ප්‍රණාමය හිමිවන බවයි.
මේ අවස්ථවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාද සහභගී විය.