අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බිත්තර ආනයනය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නෑ- සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවෙහි අධ්‍යකෂ ජනරාල්

    මාර්තු 13, 2018

    දේශීය අවශ්‍යතාවය ඉක්ම වු බිත්තර නිෂ්පාදනයක් මෙරට වෙළදපල තුළ පවතින බැවින් බිත්තර ආනයනය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවෙහි අධ්‍යකෂ ජනරාල් නිහාල් වෙඩිසිංහ මහතා ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී.හැරිසන් මහතාට දන්වා ඇත.

    බිත්තර ආනයනයෙ හි කිසිදු අවශ්‍යතාවයක් නොමැති හෙයින් අමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුව ඒ පිළිබදව ශ්‍රී ලංකා වරාය හා රේගුව දැනුවත් කිරීමට මේ වන විට කටයුතු කර ඇති බව අධ්‍යක්ෂකවරයා පැවසීය.

    ඉදිරි උත්සව කාලයට අවශ්‍ය තරම් බිත්තර නිෂ්පාදනයක් පවතින බැවින් කිසිදු ආයතනයකට බිත්තර ආනයනය කිරීමට අනුමැතියක් ලබා නොදෙන ලෙස තමා වෙත අමාත්‍යවරයා උපදෙස් ලබා දුන් බව අධ්‍යක්ෂකවරයා වැඩි දුරටත් සදහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya