මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පාසල් ගුරුවරු 5473 කට මාර්තු අගදී ස්ථාන මාරු

    මාර්තු 13, 2018

    වසර 10 කට වඩා වැඩි කාලයක් එකම පාසලක සේවය කළ 6 -11 ශ්‍රේණිවල ගුරුවරුන් 5473 දෙනෙකුට මෙම මාස අගදී වෙනත් පාසල් ස‍ඳහා ස්ථාන මාරුවීම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    අදියර 3 ක් යටතේ මෙම ජාතික පාසල් ගුරුමාරු වැඩසටහන ක්‍රියාවට නැංවුනු අතර එහි මුල් අදියර පසුගිය වසරේ අග භාගයේ දී ක්‍රියාත්මක විය. එහිදී උසස් පෙළ ගුරුවරුන් 2590 දෙනෙකු වෙනත් ජාතික පාසල්වලට මාරු කෙරිණි.

    දෙවන අදියර මේ වසර ආරම්භයේ දී ක්‍රියාවට නැංවුනු අතර එහිදී 1 – 5 ශ්‍රේණි අතර අධ්‍යයන කටයුතු සිදු කරන එකම ජාතික පාසලක වසර 10 කට වැඩි සේවා කාලයක් සපුරන ලද ගුරුවරුන් 1441 ක් අතරින් 760 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    නමුත් මෙහිදී 2017 වසරේ 1 සහ 3 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතුවල නිරත වූ ගුරුවරුන් සඳහා එම මාරුවීම් ක්‍රියාත්මක වූයේ නැත. ඊට හේතු වූයේ 1 සහ 2 වසරත්, 3 සහ 4 වසරත් වෙන් වෙන්ව අවධි වශයෙන් ඉගැන්වීම් සිදු කිරීමට ගෙන ඇති තීරණයයි. ඊට බාධා මතු නොවන පරිදි අදාළ මාරුවීම් මෙම වසරේ අගදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    අදාළ ගුරුමාරු වැඩසටහ‍නේ තෙවන අදියර යටතේ මෙම මස අගදී 6 – 11 ශ්‍රේණි අතර ගුරුවරුන් ස‍ඳහා වන ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමට නියමිත බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya