අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයෙන් කිසිදු මුදලක් ලබා නොගෙන විහාරස්ථාන ප්‍රතිසංස්කරණයට පියවර

    මාර්තු 13, 2018

    රජයෙන් කිසිදු මුදලක් ලබා නොගෙන  විනාශ වෙමින් පවතින වෙහෙර විහාරස්ථාන දොළොස් දහසක් ප්‍රතිසංස්කරණය සඳහා කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    ඒ මහතා ප්‍රකාශ කළේ පසුගිය වසරේදී මෙන්ම මේ වසරේදීත්  වෙහෙර විහාරස්ථාන 1000ක් සඳහා රුපියල් ලක්ෂ 5 බැගින් ලබාදෙන බවයි.

    කටුපොත පොල්පිටිය අග්‍රබෝධි පුරාණ රජමහා විහාරයේ සංඝාවාසය සඳහා මුල්ගල තැබීම සඳහා එක් වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

    සංඝාවාසය ඉදිකිරීම සඳහා අවශ්‍ය අරමුදල් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක “සසුනෝදය” වැඩසටහන යටතේ ලබා දී තිබේ.

     පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පැවති ජාත්‍යන්තර වෙසක් උත්සවයට සමගාමී ව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව “පින් බිම් 12,000ක් යළි අස්වද්දන මහා ජාතික මෙහෙවර” යන තේමාව පෙරදැරිව “සසුනෝදය” වැඩසටහන ආරම්භ කෙරිණි.

    මේ වනවිට මධ්‍යම සංස්කෘතික අරමුදලේ පරිපාලන සහ මුල්‍ය කටයුතු විධිමත් කිරීමට පියවර ගෙන ඇති බැවින් මෙරට ඓතිහාසික ස්ථාන නැරඹීමට පැමිණෙන විදේශ සංචාරකයින්ට ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලට ලැබෙන ආදායම කැපී පෙනෙන ලෙස වර්ධනය කරගැනීමට හැකි වූ බව පවසන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඒ අනුව විහාරස්ථාන ප්‍රතිසංස්කරණ සහ සංරක්ෂණය වෙනුවෙන් ප්‍රතිපාදන ලබාදීමේ “සසුනෝදය”  වැඩසටහනට අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට හැකි වූ බව ද පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya