අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිළියන්දල පොලිතීන් කර්මාන්ත ශාලා 5 ක වැටලීමක්

    මාර්තු 13, 2018

    රජය මඟින් තහනම් කරන්නට යෙදුනු පොලිතීන් නිෂ්පාදන තවදුරටත් ඇතැම් තැන්වල භාවිතයට ගැනීම පිළිබඳව වාර්තාවීමත් සමඟ මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර පොලිස් ඒකක ඒකාබද්ධව, හදිසි වැටලීම් මේ දිනවල ක්‍රියාත්මක කරමින් පවතී.

    ඒ යටතේ පසුගිය සිකුරාදා දින පිළියන්දල ප්‍රදේශයේ පොලිතීන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා 05ක හදිසි වැටලීමක් ක්‍රියාත්මක කළ අතර ඔවුන් සියලු දෙනාම ජෛව හායනයට ලක්වන පොලිතීන් නිෂ්පාදනය කරන බැව් අනාවරණය විය.

    එම පොලිතීන් නිෂ්පාදකයින් මේ වන විට, පරිසරයට හානිදායක පොලිතීන් නිෂ්පාදනයෙන් මුළුමනින්ම බැහැර වී සිටින අතර, දිරාපත්වීමට ලක්වන පොලිතීන්  හෙවත් ජෛව හායනයට ලක්වන පොලිතීන් තොග වශයෙන් නිෂ්පාදනයට පෙළඹී තිබීම හඳුනාගත හැකි විය.

    පොලිතීන් නිෂ්පාදකයින් කිහිපදෙනෙකු පමණක් රහසිගත ආකාරයෙන්  තවදුරටත් තහනම් පොලිතීන් නිෂ්පාදනයට කටයුතු කරන බවත්, ඇතැම් තොඟ වෙළෙඳුන් රහසිගත අයුරින් ඒවා අලෙවිකරන බවත් වාර්තා වී ඇති අතර, ඒ පිළිබඳව දීප ව්‍යාප්ත මට්ටමින් වැටලීම් කටයුතු කරමින් වැරදිකරුවන්ට නීතී මඟින් කටයුතු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගනිමින් පවතී.

    විශේෂයෙන් මේ වන විට පරිසර පොලිසියත් සමඟ ඒකාබද්ධව වැටලීම් කටයුතු සිදුකරන අතර, පරිසර හිතකාමී භාණ්ඩ නිෂ්පාදකයින්, විකල්ප නිෂ්පාදනයන් වෙ‍ළෙඳසැල් වලට  ඉදිරිපත් කර තිබීමත් යහපත් ප්‍රවණතාවක් වේ.

    පරිසර හිතකාමී සමාජයක් හෙට දවසේ රට තුළ ස්ථාපිත කරලීම සඳහා ගෙන ඇති මෙවැනි පියවරයන් සාර්ථක කර ගැනීම සඳහා ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාවගෙන් ලැබෙන සහයෝගය බෙහෙවින් වැදගත් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya