අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වේක්කයා මත්ස්‍ය අභිජනනයට පියවර

    මාර්තු 13, 2018

    බහුදින ධීවර යාත්‍රාවලින් මසුන් ඇල්ලීමට ලෝන්ලයින් හෙවත් මරුවැල් පන්න ක්‍රමය සඳහා ඇම වශයෙන් යොදා ගන්නා දැල්ලන්ගේ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් වේක්කයා Milk Fish නැමැති මත්ස්‍ය විශේෂය මෙරට තුළ නිපදවීම කෙරෙහි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

    විශේෂයෙන් ඇම දැල්ලන් වශයෙන් යොදා ගන්නා දැල්ලන් මෙරටට ආනයනය කෙරෙනුයේ චීනයෙනි. රජය විසින් පසුගිය සතියේ දී ආනයනික දැල්ලන් සඳහා පනවා තිබු බද්ද තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගත් අතර මත්ස්‍ය ඇම වශයෙන් යොදා ගන්නා වේක්කයා නැමැති මසුන් මෙරට දීම නිපදවීමට තීරණය කරනු ලැබීය.

    ඒ යටතේ රුපියල් මිලියන 130ක වියදමින් වේක්කයා මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය මෙම මස සෙනසුරාදා (10) කුසල, බංගදෙණිය ප්‍රදේශයේ දී ඇරඹීමට ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් කටයුතු යොදා තිබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya