අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුදු ප්‍රදේශවල තද වැසි-සුළං වේගය ක්ෂණිකව ඉහළ යයි

    මාර්තු 12, 2018

    දිවයින ආසන්නයේ පැවතින අඩු පීඩන තත්ත්වය දැනට දිවයිනට දකුණ දෙසින් පවතී. එය තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට බරව බස්නාහිර දෙසට, එනම් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

     

    මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, මන්නාරම සිටගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇතිවේ.

    සුළං ගිණිකොන සිට ඊසාන දක්වා වන දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වන බවද දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි. මි 50-60 දක්වා ඉහළ යා හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව ඉතා තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya