අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෑම දරුවෙකුටම දහම් අධ්‍යාපනය ලබාදෙන්න - ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

    මාර්තු 13, 2018
    සෑම ළමයෙකුට ම දහම් පාසල් අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන්න යැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලු දෙමව්පියන්ගෙන් සහ භාරකරුවන්ගෙන් ඉල්ලා සිටී.
     
    පාසල් යන ළමයින් වර්තමානය වන විට ඇතැම් විනය විරෝධී ක්‍රියාවලට පෙළඹීමේ අවධානමක් මතුව ඇති අතර, මත්ද්‍රව්‍ය භාවිතය වැනි ඉතා නුසුදුසු ක්‍රියාවන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කර ගනිමින් යහමඟට ගැනීම සඳහා දහම් පාසල් අධ්‍යාපනය ලබාදීම අත්‍යවශ්‍ය වන බව එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
     
    සිය ආගමට අදාළව දහම් අධ්‍යාපනය ලබාදීම මඟින්, ළමයින් තුළ ඉතා යහපත් හා ධනාත්මක ආකල්ප ප්‍රවර්ධනය කළ හැකි අතර, ඒ සඳහා පාසල් තුළින්ද ළමයින් වෙත මඟ පෙන්වීම සිදු කළ යුතුය. 
     
    විශේෂයෙන් දහම් පාසල් පැවැත්වෙන දිනයන් හීදී පාසල් ළමයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීමේ ප්‍රවණතාවයක් වර්තමානයේදී ඉතා තදින් මතුව ඇති අතර, එම දිනයන්වල දහම් පාසල් පැවැත්වෙන කාලසීමාවන් තුළ උපකාරක පන්ති නොපැවැත්වීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙසද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලු උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් ද ඉල්ලා සිටී. 
     
    ළමයින්ට දහම් පාසල් අධ්‍යාපනය ලබාදීමට දෙමව්පියන් ඇතුලු භාරකරුවන් කටයුතු කළ යුතු සේම, ඔවුන්ගේ මඟපෙන්වීම මත දහම් පාසල් අධ්‍යාපනය ලබාගැනීමට ළමයින්ද කටයුතු කළ යුතුය. 
     
    මෙලෙස දහම් පාසල් අධ්‍යාපනය ළමයින් වෙත ලබාදීම මඟින්, ඔවුන් තුළ යහපත් සිතුම් පැතුම්, ගුණධර්ම මෙන්ම සමාජ හිතවාදී බව ඇතිවනු ඇත. එම නිසා පාසල් යන මට්ටමේ පසුවන සියලු ළමයින් වෙනුවෙන් දහම් පාසල් අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන මෙන් මා සියලු දෙමව්පියන් ඇතුලු භාරකරුවන්ගෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් ඉල්ලා සිටී.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya