එහි අරමුණ වන්නේ, ග්ලෝකෝමාව පිළිබඳව ජනතාව දැනුවත් කර අක්ෂි පරික්ෂාව සඳහා යොමුකර ග්ලෝකෝමාව නිසා ඇතිවන අන්ධභාවය වළක්වාලීමයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරිමේ සම්මන්ත්‍රණයක් අද (12) ජාතික අක්ෂි රෝහලේ දි පැවැත් විය. ග්ලෝකෝමා සතිය සැම වසරකම පැවැත්වෙන අතර මෙවර තේමාව ''අදෘෂ්‍යමාන ග්ලෝකෝමාව පරදවමු ''
යන්නයි.
මේ නිමිත්තෙන් මාර්තු මස 15 දින කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ සිට කොළඹ අක්ෂි රෝහල වෙත පා ගමනක් උදෑසන 8.00 ට ආරම්භ වීමට නියමිත අතර එදින උදෑසන 8.30 සිට අක්ෂි රෝහලේ දි විශේෂ සායනයක්
ද පැවැත්විමට නියමිත බව අක්ෂි විශේෂඥ වෛද්‍ය ලලිතා සෙනරත් මහත්මිය සඳහන් කළා ය.
ග්ලුකොමා යනු ඇසේ සිට මොළයට අප දකින දේ සන්නිවේදනය කරන දෘෂ්ඨි ස්නායුවට ඇස තුළ දි ක්‍රමයෙන් සිදු වන හානියයි. ඇසෙහි මනා ක්‍රියාකාරිත්වය සඳහා ඇසෙහි පිඩනය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම වැදගත්
බව අක්ෂි විශේෂඥ වෛද්‍යවරු පවසති. වසර 2020 වන විට ග්ලෝකෝමා තත්ත්වය මිලියන 11.2 ක් දක්වා වර්ධනය වන බවට සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි.