අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගිය 10 දා සවස ගාල්ල දිස්ත්‍රික්කයේ ආරක්ෂක කමිටු රැස්වීමේ දීය. මෙම රැස්වීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන අමාත්‍යවරයා මෙසේ ද කීවේය.
අම්පාරේ සිද්ධිය ඇති වුණේ තනිකරම වැරදි අදහසක් නිසා. ඒ වැරදි අදහස සමාජගත කළේ අන්තර්ජාලය ඔස්සේ ලැබී තිබෙන වල් බූරු නිදහස භාවිතා කරමින්. මහනුවර සිද්ධියත්වා හන සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් නිසා ඇතිවූවක්. ඒ වෙලාවේ මේ ගැන සොයා බැලුවේ නැතැයි චෝදනාවක් තිබෙනවා. නමුත් මේ වගේ දේවල් ඕනෑම වෙලාවක රටේ ඕනෑම තැනක සිදුවෙන්න පුළුවන්. සිංහල කෙනෙක් දෙමළ කෙනෙකුට මුස්ලිම් කෙනෙකුට ගහන්න පුළුවන්.
මුස්ලිම් කෙනෙක් සිංහල කෙනෙකුට දෙමළ කෙනෙකුට ගහන්න පුළුවන්. ඒවා මිනිසුන්ට තරහ ගියාම, වැරදි වැටහීම් නිසි ඕනෑම වෙලාවක වෙනවා. නමුත් ගැටළුව තියෙන්නේ අනිත් අය මේක ජාතිවාදී අරගලයක් බවට පත්කරගැනීමයි. පසුගිය වතාවේ ගිංතොට සිද්ධියේ දී අපි හැකි ඉක්මණින් දෙපාර්ශවය සමග සාකච්ඡා කරලා දිසාපතිතුමා, ප්‍රාදේශීය ලේකම් තුමා, මම, මනූෂ නානායක්කාර නියෝජ්‍ය ඇමතිවරයා අනිකුත් දේශපාලනඥයින් මැදහත්වෙලා විසඳුවා.
ඒ වෙලාවේ තවත් ගැටුම් ඇති නොවෙන්න පොලිසිය හමුදාව යෙදුවා. පිටින් එන පොලිසියට හමුදාවට වඩා හොඳින් මේ ප්‍රදේශය ගැන දැනුමක් තියෙන්නේ දිසාපතිතුමාට, ප්‍රාදේශීය ලේකම්තුමාට, ගමේ අයට ඒ අයගේ උපදෙස් හා අදහස් අරගෙන අපි ප්‍රශ්නය විසඳුවා. මහනුවර වැනි සිද්ධියක දී අපේ දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු සෘජුව එ් අවස්ථාවට මැදහත් වී ආරක්ෂක අංශ සමග කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. ඒ නිසා රජයක් හැටියට අපි අවබෝධ කරගෙන ඉන්නවා ඉදිරියේ දී ඕනෑම ගැටුමක්, නරක සිදුවීමක් හුදකලා නොකර වහාම ඒ ගැන සොයා බලා කටයුතු කිරීමට. එමගින් පොඩි රණ්ඩුවක් ජාතිවාදී අරගලයක් බවට පත්වීම වළක්වා ගන්න පුළුවන්.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේත් උපදෙස් මත මා සියලුම දිසාපතිවරුන්ට මේ ගැන අවශ්‍ය උපදෙස් ලබාදුන්නා. ඉදිරියේ දී ඒ අනුව ක්‍රියාකරනවා. සියලුම දිස්ත්‍රික්කවල ආරක්ෂක කමිටු පිහිටුවන්නත් අපි උපදෙස් දී තිබෙනවා. එමගින් ඉදිරියේ දී රටේ මේ වගේ අවාසනාවන්ත සිදුවීම් වළක්වාගත හැකි වේවි යැයි ද මාත්‍යවරයා පැවසීය.